Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහජන බැංකුව චීන අසාදු ලේඛනයෙන් ඉවතට

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ්‍ය කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවත් කර තිබෙනවා. චීන සමාගමක් මගින් ආනයනය කළ කාබනික පොහොර සඳහා නියමිත මුදල් ගෙවා අවසන් කිරීම හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.

අදාල චීන සමාගම සහ ශ්‍රී ලංකාව එළඹි ගිවිසුමට අනුව පොහොර තොගය ප්‍රතික්ෂේප කළද මුදල් ගෙවීමට සිදු වූ අතර කෙසේ නමුත් අධිකරණ නියෝගයක් මත මුදල් ගෙවීම අත්හිටුවා තිබිණි. මෙනිසා මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීමට චීන තානාපති කාර්යාලය කටයුතු කළේය.

කෙසේ නමුත් දෙපාර්ශ්වය අතර ඇතිවූ එකඟතාවයක් අනුව අධිකරණ නියෝගය අත්හිටවූ අතර ඉන්පසු මහජන බැංකුව විසින් අදාල ගෙවීම් සිදුකිරීමෙන් පසුව මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවත් කර තිබේ.

චීනයෙන් ආනයනය කළ පොහොරවල පසට අහිතකර බැක්ටීරියා අඩංගු බව සාම්පල පරීක්ෂාවේදී තහවුරු වූ අතර පෙහොර තොගය ආපසු හරවා යැවිණි. කෙසේ නමුත් පොහොර ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 6.9 ක් ගෙවීමට සිදුවිය.

Exit mobile version