Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජපක්ෂවරුන්ගෙන් ලාන්සාට වෙනම නීතියක් ද?

ආණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධයෙන් සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය අණ්ඩුව විවේචනය කරන නිමල් ලාන්සා රාජ්‍ය ඇමතිවරයාට එරෙහිව ගන්නේ නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත.ඒ සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ආණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ජනාධිපතිවරයා අස්කිරීම ගැන අදහස් දක්වමින්ය.

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පවසා ඇත්තේ රාජ්‍ය ඇමති නිමල් ලාන්සාට අත නොතිබීමට හේතුව ඔහු දන්නා බවත්, රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් නිමල් ලාන්සා රාජ්‍ය ඇමතිවරයා ඔක්කෝම විස්තර දැන සිටීම ඊට හේතුව බවත්ය.

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා දෙල්කඳ පොළේදී ආණ්ඩුව විවේචනය කළේ ජනවාරි 04 වැනිදා වන අතර නිමල් ලාන්සා රාජ්‍ය ඇමතිවරයා ආණ්ඩුව ගැන ඔහුගේ විවේචනය කර තිබුණේ 01 වැනිදා මීගමුවේ පැවති උත්සවයකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින්ය. එහිදී නිමල් ලාන්සා රාජ්‍ය ඇමතිවරයා කියා තිබුණේ තමා තනතුරුවලට බයේ තනතුරු ආරක්ෂා කරගැනීමට උත්සහ කරන අයකු නොවන බවත්, තනතුරු අතහැර යෑමට සූදානම් බවත්, මෙම ඉල්ලීම් කරන්නේ ජනතාව වෙනුවෙන් බවත්, ඒවාට අදාළ පාර්ශ්ව ඇහුම්කන් නොදේනම් ජනතාව සමඟ එකතුවී එම පිරිස් එළවීමට සූදානම් බවත්ය.

නිමල් ලාන්සා රාජ්‍ය ඇමතිවරයාගේ එම අදහස් දැක්වීම ජනාධිපතිවරයාට එරෙහි එකකි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම අදහස් දැක්වීම දැක තිබුණේ සුසිල් ප්‍රේම් ජයන්ත මහතා හයේ පාරවල් එකක් ගසද්දී නිමල් ලාන්සා හයේ පාරවල් දෙකක් ගැසීමක් වශයෙන්ය.

 

 

Exit mobile version