Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවෙන් ඉන්දීයාවට මිරිස් පොල්ලක්

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට ව්‍යාපාරිකයින් ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය සඳහා මුදල් නොගෙවන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවට මිරිස් ආනයනය කරන්නන් පසුගිය මාස කිහිපය තුළ ඉන්දීය වෙළඳුන්ට ගෙවිය යුතු මුදල් නොගෙවීම නිසා ඉන්දියාවේ මිරිස් වෙළඳපොලේ අර්බුදයක් හටගෙන ඇති බවද එම මාධ්‍ය වාර්තාව කියයි. ඉන්දියාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ජාලයක් වන “ද ටයිම්ස් ඔෆ් ඉන්දියා” මේ පිළිබඳව ප්‍රවෘත්තිය පසුගිය 5 වැනිදා පළකර තිබේ.

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබූ මිරිස් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 250-300 කට වැඩි මුදලක් මෙම සැපයුම්කරවැන්ට ගෙවීමට නියමිතව ඇතැයි පැවසේ.

Exit mobile version