Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් ප්‍රංශයට යාමට තැත් කල විදේශිකයා කටුනායක දී අත්අඩංගුවට

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස්වෙත පැන යාමට තැත් කළ ජාතිකත්වය හදුනා නොගත් විදේශිකයෙකු කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන විට එයින් මිදී පැන
දුවන්නට විය.

මෙම පුද්ගලයා ගුවන්තොටුපළ වහලයට නැග ගුවන්තොටුපළෙන් පිටතට දිව යමින්සිටිය දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන්තොටුපළ පොලීසියේ නිලධාරීන් එක්ව සිදු කළ ලුහුබැදීමක ප්‍රතිඵලයක් ලෙස (10)වන දින අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version