කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය (09) විවෘත කෙරුණා.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චීනයේ විදේශ අමාත්‍ය වැනැග් යීගේ සහභාගීත්වයෙන් කොළඹ වරාය නගර පරිශ්‍රයේ පැවැති උත්සවයකදීයි.
(09) විවෘත කෙරුණු එම පදික මංතීරුව (10) සිට උදෑසන 9 සිට පස්වරු 6 දක්වා ජනතාව වෙනුවෙන් විවෘත කර තැබෙනු ඇති. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම ඔස්සේ ජනතාවට පාගමනින් ඊට ඇතුළුවීමටද අවස්ථාව සලසා තිබෙනවා.
මේ අතර චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීමද (09) සිදු කෙරුණා.
දෙදින නිල සංචාරයක් සඳහා (08) රාත්‍රියේ දිවයිනට පැමිණි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, (09) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගිය බවයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ පැවසුවේ.