Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගෑස් හිඟය නිසා දර ලිපට හැරෙන තරු පහේ හෝටල්

ගෑස් හිඟය නිසා දර ලිපට හැරෙන තරු පහේ හෝටල්

ගෑස් හිඟය නිසා දර ලිපට හැරෙන තරු පහේ හෝටල්

ගෑස් හිඟය නිසා කොළඹ සමහර තරු පහේ හෝටල් ඇතුළු ප්‍රධාන පෙළේ හෝටල් රැසක්ද දර ලිප් පාවිච්චි කිරීමට යොමුවී සිටින බව එම හෝටල් ආරංචි මාර්ගවලින් පැවසේ.

ප්‍රධාන පෙළේ හෝටල්වල පාවිච්චිය සඳහා ගෑස් සිලින්ඩර යම් ප්‍රමාණයක් ලැබී ඇතත් ඒවා යම් මට්ටමකට කළමනාකරණය කර ගැනීම සඳහා දර ලිප් මෙසේ අමතරව පාවිච්චි කිරීමට සිදු වී ඇති බව හෝටල් සේවකයෝ පිරිසක් පවසති.

ගෑස් සිලින්ඩර සැලකිය යුතු ප්‍රමාණයක් ලැබෙන තුරු අමතර වශයෙන් දර ලිප් මෙසේ පාවිච්චි කිරීමට සිදුවන බවද ඔවුහු සඳහන් කරති.

මේ අතර ගෑස් සැපයීමේදී රෝහල්, හෝටල් සහ ආපනශාලා සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි රජය ගෑස් සමාගම්වලට උපදෙස්දී ඇත. ගෑස් සැපයුම තවමත් යථාවක් වී නැති අතර දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ගෑස් පෝලිම් (6) දිනයේද දක්නට ලැබුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෑස් හිඟය නිසා රටපුරා හෝටල් සහ ආපනශාලා පහළොස් දහසක් පමණ දැනට වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

Exit mobile version