Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉතා දුර්ලභ ගණයේ සුදු ඉත්තෑවකු හමුවේ

කොළොන්න කෝප්පකන්ද ප්‍රදේශයේ  මන්දකට හසුවී අසාද්‍ය තත්වයේ සිටි දුර්ලභ ගණයේ ඇලි(සුදු) ඉත්තෑවෙකු හමුවී තිබේ.

කොළොන්න කෝප්පකන්ද ප්‍රදේශයේ එම්.පියතිස්ස මහතාගේ නිවස අසලට මන්ද සමග පැටලී පැමිණ සිටි මෙම ඉත්තෑවා  පිළිබදව ඔවුන් විසින් උඩවලව  වනජීවි කාර්යාලයට දැනුම්දී ඇත.වනජීවී නිළධාරීන් පැමිණ මන්දෙන් මුදාගත් මෙම සුදු ඉත්තෑවා  උඩවලව ඇත් අතුරු සෙවනට ගෙන ගොස් රදවාගෙන ප්‍රතිකාර ලබාදේ.

මෙම සුදු ඉත්තෑවාට ප්‍රතිකාර ලබාදෙන උඩවලව වනජීවී කලාපය භාර විජිත පෙරේරා මහතා සදහන් කරන්නේ  මෙවන් සත්වයෙකු හමුවීම දුර්ලභ තත්වයක් බවත් මෙම සතා මන්දෙන් මිදීම සදහා ගන්නා ලද උත්සාහයකදී  එයට සිරවීමෙන් ගැඹුරු තුවාලයක් ඇතිවීම හා තිබෙන තැලුම් නිසා ඉතා සූක්ෂමව ප්‍රතිකාර සිදුකරමින් සිටින බවයි.

ඉත්තෑවාට ප්‍රතිකාර දෙමින් කූඩුවක රදවා තිබෙන අතර සුදු ඉත්තෑවාගේ තත්වය නිරීක්ෂණය තරමින් ඉදිරියේදී ප්‍රතිකාර කරන ආකාරය හා ඒ තත්වය තීරණය කරන බව වෛද්‍යවරයා කීය.

Exit mobile version