Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ධුරයෙන් ඉවත් කිරීම ලොකු දෙයක් නෙවෙයි; හෙට ඉදලා උසාවියට යනවා – ඇමති ධූරයෙන් ඉවත් කරන ලද සුසිල් ප්‍රේම ජයන්ත

අතුරු තහනම් නියෝගය ඉවත් කළ සැණින් 4,000කට විදුහල්පති පත්වීම්; සංවර්ධන නිලධාරීන් 26,000ක් ජනවාරියේ සිට ගුරු සේවයට

අතුරු තහනම් නියෝගය ඉවත් කළ සැණින් 4,000කට විදුහල්පති පත්වීම්; සංවර්ධන නිලධාරීන් 26,000ක් ජනවාරියේ සිට ගුරු සේවයට

තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම ලොකු දෙයක් නොවන බවත් නීතීඥයෙකු වන තමන් නැවතත් හෙට දිනයේ සිට අධිකරනයේ රාජකාරියට යන බව රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කරන ලද සුසිල් ප්‍රේම ජයන්ත මහතා සඳහන් කළේය. තමන්ට දෙල්කඳ පොළෙන් ගත් ලොතරැයිය ඇදුනු බවද ඔහු කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වහා මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ පැවසීය.

ප්‍රශ්නය – ඇමතිතුමා මොකද වුණේ?

“මොකක්වත් නෑ මට ආරංචියි රාජ්‍ය ඇමතිධූරයෙන් ඉවත්කළා කියලා. මේවා ඉතින් එච්චර ලොකු දෙවල් නෙමේ. මම ඇමතිවරයෙක් වුණේ 2000. පාර්ලිමේන්තුව ආපු ගමන්. ජනාධිපති තුන්දෙනෙක් යටතේ මම වැඩ කරලා තියෙනවා. මට වෘත්තියක් තියෙනවානේ හෙට ඉදලා එහේ යනවා… උසාවියට.”

ප්‍රශ්නය – මේ සම්බන්ධයෙන් ඔබ තුමාව දැනුවත් කරලා තියෙනවා ද?

“නෑ. සාමාන්‍යයෙන් දැනුවත් කරන්නේ නෑනේ. මාධ්‍යයෙන් තමයි දැන ගන්නේ ඉවත් කළා කියලා.”

ප්‍රශ්නය – හේතු දක්වලා තියෙන්නේ මොනවාද ඔබතුමාව ඉවත් කරන්න?

“එහෙම හේතු දක්වන්න ඕනේ නෑනේ. විධායක ජනාධිපතිතුමාට තියෙනවා ඕනේ කෙනෙක්ව පත්කරන්න ඕන කෙනෙක්ව අයින් කරන්න.”

ප්‍රශ්නය – මොකද්ද වෙලා තියෙන්නේ ?

“පෙරේදා පොළේ ගියාම ඔබ තුමන්ලාගෙන් කෙනෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා භාණ්ඩ මිල ගැන. මිරිස් කිලෝවක් 1,200යි කියලා. මම කිව්වා සම්පූර්ණයෙන් මේ කෘෂිකර්මය ෆේල්. ගත්ත ප්‍රතිපත්ති තීන්දු ෆේල් කියලා. ජනතාව වෙනුවෙන් තමා අපි කතා කළේ.”

ප්‍රශ්නය – මීට කලිනුත් අමාත්‍යවරු රජය විවේචනය කරනවා.

“මං හිතන්නේ අමාත්‍ය මණ්ඩලයේ දීත් මොනවා හරි කතා වෙන්න ඇති. වගකීම් භාරදීලා තියෙනවා නේ. අධ්‍යාපන සුදුසුකම් අනුව සනීපාරක්ෂක කම්කරුවෙක්වත් වෙන්න බැරි අය. ඒ අයට අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ නෑ.”

Exit mobile version