Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සමෘද්ධිය කරා අපි පියවර තැබිය යුත්තේ ආත්ම විශ්වාසය, කැපවීම සහ එකමුතුකම තුළින් – ජනපති

උන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තාවකාලිකව නිවාස සහ අමතර ආරක්ෂකයන් හයදෙනකු - ජනපති නිලධාරීන්ට උපදෙස්

උන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තාවකාලිකව නිවාස සහ අමතර ආරක්ෂකයන් හයදෙනකු - ජනපති නිලධාරීන්ට උපදෙස්

උදා වූ නව වසර අලුත් හැඟීම් සමඟ සුබවාදීව සහ අධිෂ්ඨානශීලීව අනාගතය දෙස බැලීමට පොළඹවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ලැබුවා වූ 2022 වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත්කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. අනාගත සමෘද්ධිය උදෙසා වන අධිෂ්ඨානයෙන් යුතුව ගෙවී ගිය වසර රටටත් ජන සමාජයටත් එල්ල කළ බලපෑම දෙස අප ආපසු හැරීබැලිය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

එහි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, අභියෝග හඹාගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදාවෙන බව සිය දැඩි විශ්වාසය බවයි.

සමෘද්ධිය කරා අපි පියවර තැබිය යුත්තේ ආත්ම විශ්වාසය, කැපවීම සහ එකමුතුකම තුළින් බවද ජනාධිපතිවරයා එහි සඳහන් කරනවා.

Exit mobile version