Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

”අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීම වරදක් නම්, ජනාධිපතිවරයා අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීම අපට ප්‍රශ්නයක් නෑ”- ගම්මන්පිල

නොරොච්චෝලේ අනිවාර්ය නඩත්තුවක් හේතුවෙන් මාස දෙකකට වසා දැමීමට තීරණයක්

නොරොච්චෝලේ අනිවාර්ය නඩත්තුවක් හේතුවෙන් මාස දෙකකට වසා දැමීමට තීරණයක්

නිව් ෆෝට්‍රස් එනර්ජි ගිවිසුම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙහි සාකච්ඡා නොවුණු බවට අධිකරණය ඉදිරියේ සඳහන් කළේ සත්‍යය පමණක් යැයි බලශත්කි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළ තමා ඇතුළු පිරිස වරදක් කර නොමැති අතර අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්විය යුත්තේ, වරදක් කර ඇත්නම් පමණක් යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු ප්‍රකාශ කළේ, රටට ආදරය කිරීම වරදක් යැයි නොසිතන බවය. තමා ඇතුළු පිරිස එලෙස අධිකරණය වෙත ගියේ අමාත්‍ය ධූරය අහිමි වීමේ අවදානම සහිතව බවද ඔහු පැවසීය.

“යම් හෙයකින් අධිකරණය වෙත ගොස් කරුණු ඉදිරිපත් කිරීම වරදක් යැයි සිතනවා නම් තමා ඇතුළු පිරිස අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගැනීම පිළිබඳව අපට කිසිම ප්‍රශ්නයක් නෑ” යනුවෙන් ඔහු සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “රට රැක ගැනීම ඇමති තනතුරට වඩා ලොකුයි” යනුවෙනි.

අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන තිදෙනා යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් වූ කැබිනට් තීරණයට එරෙහිව අධිකරණයට යාම සහ එම කැබිනට් තීරණය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වරදක් බවට ජනාධිපතිවරයා (දෙසැ. 27) පුවත්පත් කතෘවරුන් සමග පැවති හමුවේදී සඳහන් කර තිබුණු බවට මාධ්‍ය වාර්තා කර තිබිණි.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, සාමූහික තීරණ සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන්නේ නම් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් වී ඒ වෙනුවෙන් පෙනී සිටීම සුදුසු බව තමාගේ අදහස වන බවය.

Exit mobile version