Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙරට වෙළදපොලේ අළෙවි වන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 80,000ක්, නිකුත් කරන්නේ 30,000 ක ප්‍රමාණයක්

ගෑස් මිළ පහළට

ගෑස් මිළ පහළට

තවදුරටත් වෙළදපොලේ දැඩි ගෑස් හිඟයක් පවතිනවා. ඒ, පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි ගෑස් වෙළදපොලට නිකුත් නොකිරීම හේතුවෙන්. පාරිභෝගිකයින් පවසන්නේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට දින කිහිපයක් පෝලිම්වල රැදී සිටීමට සිදුවන බවයි.

ඉල්ලුමට සරිලන පරිදි ගෑස් ලබාදීමට තමන් වෙතද ගෑස් නොලැබෙන බවයි ප්‍රදේශ රැසකම ව්‍යාපාරිකයින් පැවසුවේ. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් සොයා බැලීමක් සිදුකළා.

එහිදී අනාවරණ වුණේ දෛනික ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 50 කටත් වඩා අඩු ප්‍රමාණයක් මේ වනවිට වෙළදපොලට නිකුත් වෙමින් ඇති බවයි. දෛනිකව මෙරට වෙළදපොලේ අළෙවි වන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 80,000 ක්.

මෙරට ගෑස් වෙළදපොල අවශ්‍යතාවයෙන් සියයට 80ක් සම්පූර්ණ කරන්නේ ලිට්‍රෝ ගෑස් සමාගමයි. එම සමාගමේ වෙළඳ ජාල සංවර්ධන හා ව්‍යාපාර සන්නිවේදන ජේ්‍යෂ්ඨ කළමණාකාරිණී චමනි පතිරගේ පැවසුවේ මේ වනවිට වෙළදපොලට නිකුත් කරන්නේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 30,000ත් 40,000ක ප්‍රමාණයක් බවයි.

Exit mobile version