Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලොව විශාලතම අභ්‍යවකාශ දුරේක්ෂය “ජේම්ස් වෙබ්” සාර්ථකව කක්ෂගත කෙරේ

ලොව විශාලතම අභ්‍යවකාශ දුරේක්ෂය "ජේම්ස් වෙබ්" සාර්ථකව කක්ෂගත කෙරේ

ලොව විශාලතම අභ්‍යවකාශ දුරේක්ෂය "ජේම්ස් වෙබ්" සාර්ථකව කක්ෂගත කෙරේ

ලොව විශාලතම අභ්‍යවකාශ දුරේක්ෂය සාර්ථකව කක්ෂගත කිරීමට නාසා ආයතනය සමත් වුණා.

ජේම්ස් වෙබ් ලෙස නම් කර ඇති මෙම අභ්‍යවකාශ දුරේක්ෂය රැගත් රොකට්ටුව ප්‍රංශයේ ගුයියානා ප්‍රදේශයෙන් ගුවන්ගත කර තිබෙනවා. එය පෘථිවියට කිලෝමීටර මිලියන එකයි දශම පහක පමණ දුරින් කක්ෂගත කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මෙම දුරේක්ෂය හබල් දුරේක්ෂය මෙන් සිය ගුණයක් පමණ බලවත් බව වාර්තා වනවා. එහි නිර්මාණය කටයුතු සදහා ඇමරිකා, කැනඩා හා යුරෝපීය රටවල් රැසක ඉංජිනේරුවන් තම දායකත්වය ලබා දී තිබෙනවා.

වසර තිහක පමණ කාලයක් පුරා මෙහි නිර්මාණ කටයුතු සිදු කෙරුණු අතර ඒ සදහා ගතවී ඇති මිනිස් පැය ගණන මිලියන 40 කට අධිකයි. ටොන් හතක බරකින් යුතු මෙම දුරේක්ෂය සදහා වැය වී ඇති මුළු මුදල ඇමරිකා ඩොලර් බිලියන 10ක්. ඇපලෝ සද ගමන සැලසුම් කළ විද්‍යාඥයෙක් සිහිවීම පිණිසයි එය ජේම්ස් වෙබ් ලෙස නම් කර ඇත්තේ.

විශ්වයේ සැගවී ඇති රහස් රැසක් මෙම දුරේක්ෂය මගින් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බවට විද්‍යාඥයින් විශ්වාසය පළ කරනවා. එමෙන්ම මෙම විශ්වය තුළ තවත් මිනිස් වාසය සහිත ග්‍රහලෝක පිළිබද අධ්‍යයනය කිරීමට ද මෙම දුරේක්ෂය යොදා ගනු ඇති. කෙසේ වුවද මෙම සියළු කටයුතු සාර්ථක කර ගැනීම සදහා ඉදිරි දින 14 අතිශය තීරණාත්මක බවද විද්‍යාඥයින් පවසනවා.

Exit mobile version