Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තිරුක්කෝවිල් පොලිස් සැරයන් 4ක් මැරුවේ නිවාඩු ලබානොදීම නිසාලු

තිරුක්කෝවිල් පොලිස් සැරයන් 4ක් මැරුවේ නිවාඩු ලබානොදීම නිසාලු

තිරුක්කෝවිල් පොලිස් සැරයන් 4ක් මැරුවේ නිවාඩු ලබානොදීම නිසාලු

අම්පාර, තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු සිදුකළ වෙඩි තැබීම් නිසා හතරදෙනෙකු මියයාමේ සිද්ධිය (25) උදෑසන කම්පනයට පත්කරවූ ආරංචියක්විය. මෙම වෙඩි තැබීම කවර කාරනාවක් නිසා සිදුවූයේද යන්න මුලදී අනාවරණය නොවූ නමුත් සිදු කළ විමර්ශන අනුව නිවාඩු ලබානොදීම හේතුවෙන් උරණ වී මේ කියන සැරයන්වරයා වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

(24) රාත්‍රියේ සිදුකළ මෙම වැඩි තැබීමෙන් පොලිස් නිලධාරින් තිදෙනකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වූ අතර අනෙක් නිලධාරියා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය. මෙලෙස මිය ගිය නිලධාරින් අතර පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනක් සහ පොලිස් කොස්තාපල් රියදුරකුද සිටියි. වෙඩි තැබීමෙන් පසු සැකකාර පොලිස් සැරයන්වරයා තම පෞද්ගලික කැබ් රථයකියෙන් සිය ගම් ප්‍රදේශය වන ඇතිමලේ ප්‍රදේශයට පළාගොස් තිබු බවත් අනතුරුව ඔහු ඇතිමලේ පොලිස් ස්ථානය වෙත භාර වී ඇති බවත් සැල විය. ටී-56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ පතොරම් 19ක්ද සමඟ ඔහු දැනට අත්අඩංගුවේ පසුවේ.

38 හැවිරිදි සැකකාර පොලිස් සැරයන්වරයා විමර්ශන කටයුතු සඳහා අම්පාර මූලස්ථාන පොලීසිය වෙත භාර දී ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහු අක්කරෙයිපත්තු පොලිසිය වෙත භාරදුන් බවයි වාර්තා වුණේ. නත්තල හා අවුරුදු වෙනුවෙන් නිවාඩු ලබාදීමට ස්ථානාධිපතිවරයා එකඟ නොවීමෙන් ඇතිවූ කේන්තියට තමා වෙඩි තැබීම සිදු කළ බව පාපොච්චාරණය කර තිබේ.
කෙසේ වෙතත් ඔහු නිවාඩු ඉල්ලා තිබුණ පොලිසියේ ස්ථානාධිපති තුවාල ලැබූවන් අතර සිටියදී බාහිර 4 දෙනෙකු මරාදමා තිබුණි.

Exit mobile version