Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හදිසියේ පයාගල වෙරළ තීරයට ගොඩබැස්සූ සැහැල්ලු ගුවන් යානය

සැහැල්ලු ගුවන් යානයක් හදිසියේම උතුරු පයාගල වෙරළ තීරයට ගොඩබස්වා තිබේ.

එම ගුවන් යානය සිවිල් ගුවන් සමාගමට අයත් යානයක් බව මේ වනවිට අනාවරණ වී ඇත.

යානයේ ඇතිවූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් යානය වෙරළ තීරයට ගොඩ බස්වා ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.

එම අවස්ථාවේ යානයේ දෙදෙනෙකු පියාසර කරමින් සිට ඇති අතර මෙම හදිසි ගොඩබෑම හේතුවෙන් ඔවුන්ට හෝ යානයට හානියක් සිදුව නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් මේ වනවිට එම ස්ථානයට පැමිණ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Exit mobile version