Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ජනපති හමුවෙයි

කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රය බවට පත්කිරීමට ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය කැරන් ඇන්ඩෘෘස් මහත්මිය පවසන්නීය.

ඔස්ට්‍රේලියාවේ උපාධි අපේක්ෂා කරන වෙනත් රටවල සිසුන්ට අදාළ පාඨමාලාවන් හි මූලික අදියරම ශ්‍රී ලංකාවේදී හැදෑරීමට අවශ්‍ය අධ්‍යාපන ආයතන මෙරට ස්ථාපනය කිරීමෙන් ඊට අවකාශය සැලසෙන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.

මෙරට නිල සංචාරයක නිරත කැරන් ඇන්ඩෘෘස් මහත්මිය (20)වන දින පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කර තිබේ.

මෙරට කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙනවිත් ප්‍රතිඅපනයනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරන බවද ඇය මෙහිදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

මෙහිදී ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන ක්‍රියාවලියට ඔස්ට්‍රේලියානු රජය ලබාදුන් සහයෝගය පිළිබඳ ස්තූතිය පළ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මත්ද්‍රව්‍ය ජාවාරම, මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් සහ මිනිස් ජාවාරම මැඩලීම සඳහා දෙරට අතර ශක්තිමත් යාන්ත්‍රණයක් තවදුරටත් අපේක්ෂා කරන බව ද සඳහන් කර තිබේ.

Exit mobile version