Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉදිරියේදී රජයට අපහසු තීන්දු තීරණ ගන්න වෙනවා – රමේෂ් පතිරණ

ඉදිරියේදී රජයට අපහසු තීන්දු තීරණ ගන්න වෙනවා - රමේෂ් පතිරණ

ඉදිරියේදී රජයට අපහසු තීන්දු තීරණ ගන්න වෙනවා - රමේෂ් පතිරණ

ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේදී අපහසු තීන්දු කිහිපයකට එළඹීමට රජයට සිදුවන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

තවදුරටත් විදෙස් ණය ගැනීමට ශ්‍රී ලංකා රජයේ බලාපොරොත්තුවක් නොතිබුණු නමුත්, රට තුල මතුව ඇති ආර්ථික ආර්බුදයන් හමුවේ ඉදිරියේදී අපහසු තීරණයන්ට එළැඹීමට රජයට සිදුවන බවද ඔහු කීය.

නමුත් කඩිනමින් මෙරට මුහුණදෙන ආර්ථික ගැටළුවලින් රට මුදවා ගැනීමට රජය පියවර ගන්නා බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඒ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබගැනීම සඳහා මේ දක්වා කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා නොවූ බවද අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසීය.

Exit mobile version