Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටේ දැවෙන ප්‍රශ්න අංශු මාත්‍රයකින්වත් විසඳාලීමට ආණ්ඩුව සමත් වෙලා නෑ – කරු ජයසූරිය

21න් පසු කොමිෂන් සභා සදහා අපක්‍ෂපාතී හා කීර්තිමත් පුද්ගලයන් පත්කරගැනීමට බලවත් අවධානය යොමු කලයුතුයි

21න් පසු කොමිෂන් සභා සදහා අපක්‍ෂපාතී හා කීර්තිමත් පුද්ගලයන් පත්කරගැනීමට බලවත් අවධානය යොමු කලයුතුයි

ශක්තිමත් රාජ්‍යයක් ගෙඩනැගීම සඳහා විසි වැනි සංශෝධනය සම්මත කරගැනීමට ආණ්ඩුව කටයුතු කළත් රටේ දැවෙන ප්‍රශ්න අංශු මාත්‍රයකින්වත් විසඳාලීමට මෙතෙක් නොහැකි වූ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය සහ මිනිස් අයිතිවාසිකසම් සුරැකෙන රටට ගැලපෙන නව ව්‍යවස්තාවක කාලෝචිත අවශයතාවයක් රටට පවතින බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.

ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වූ එකමුතුව කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“රටක කැඩපත වනුයේ එරට බල පවත්වන ව්‍යවස්ථාවයි. එම නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට විනිවිද පෙනෙන රාජ්‍ය තන්ත්‍රයක් බිහි කිරීම, ජාතික ආගමික හා සමාජයීය සංහිඳියාව ගොඩනැගීම සඳහා විශිෂ්ට ගණයේ ව්‍යවස්ථාවක් බිහිවිය යුතුයි. ආණ්ඩුව පත්කරන කමිටුවක සීමිත සාමාජිකයන් පිරිසක් විසින් එවැනි ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම වෙනුවට, ජනතාව විසින් සකස් කරන ලද ව්‍යවස්ථාවක් එළි දැක්වීම අත්‍යාවශ වන බව අපගේ බලවත් විශ්වාසයයි.

එවැනි ආකාරයට සැකසුනු වැදගත් යෝජනාවලියක් යෝජිත ව්‍යවස්ථාව විදියට අප ඉදිරිපත් කරනවා. එය පරිපූර්ණ ව්‍යවස්ථා ආකෘතියක් නොවුවත් අපේ රටට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික මූලධර්ම හා ප්‍රමුඛ අංශ ගණනාවක් ඒ මඟින් නිරූපණය වනවා. අපගේ ඒකායන අපේක්ෂාව වන්නේ එය මේ රටේ සියලු කොටස්වල සහභාගීත්වයෙන් පෝෂණය වනු දැකීමයි. අද මෙවැනි සමුළුවක් කැවීමෙන් ද අප අපේක්ෂා කරන්නේ එයයි. මෙය සැකසීමේදී ලෝකයේ විවිධ රටවල ජීවත් වන ශ්‍රී ලාංකික විද්වතුන් හා ශ්‍රී ලංකාවේ ජීවත්වන කීර්තිමත් නීතිවේදීන් ද ඇතුළු බොහෝ දෙනෙක් දායකත්වය ලබා දී තිබෙනවා. ඒ සියලු දෙනාට අපගේ ගෞරවය පුද කරන්න කැමතියි.

20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම විනාශ වුණා. එමගින් පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක තත්ත්වයට ඇද වැටිණා. මුළු රටම සර්ව බලධාරී ජනාධිපතිවරයෙකුගේ ආධිපත්‍යයට යටත් වුණා. මේ සියලු බලතලත්, 3/2 පාර්ලිමේන්තුවේ ශක්තියත් ලැබුණත් රටේ දැවෙන ප්‍රශ්න අංශු මාත්‍රයකින්වත් විසඳාලීමට මෙතෙක් නොහැකි වූ බව රටවැසියා දනනවා.

Exit mobile version