Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2021 වසරේ ලොව වඩාත්ම බලපෑමක් ඇතිකළ පුද්ගලයා – ඉලෝන් මස්ක්

2021 වසරේ ලොව වඩාත්ම බලපෑමක් ඇතිකළ පුද්ගලයා - ඉලෝන් මස්ක්

2021 වසරේ ලොව වඩාත්ම බලපෑමක් ඇතිකළ පුද්ගලයා - ඉලෝන් මස්ක්

ටයිම් සඟරාව 2021 වසරේ ලොව වඩාත්ම බලපෑමක් ඇතිකළ පුද්ගලයා ලෙස ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඉලෝන් මස්ක් නම්කර තිබෙනවා.

ලොව ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන ඉලෝන් මස්ක්, ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරියා ද වනවා. අභ්‍යවකාශයේ සංචාරක ගමන් ආරම්භ කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ පුද්ගලයෙකු ලෙසයි ඉලෝන් මස්ක් සැලකෙන්නේ. ඔහුගේ වත්කම්වල වෙළෙඳපොල වටිනාකම මේ වන විට ඇමෙරිකා ඩොලර් ට්‍රිලියනය ඉක්මවා තිබෙනවා.

ඔහු නිෂ්පාදනයකරන මෝටර් රථ ලොව මිලෙන් අධිකම මෝටර් රථ ලෙසයි සැලකෙන්නේ. එමෙන්ම ඉලෙට්‍රොනික මෝටර් රථ ලොවට හඳුන්වාදීම සමඟ එහි පෙරළියක් කළ පුද්ගලයෙක් ලෙසද ඔහු හැඳින්වෙනවා. ලොව ධනවත්ම පුද්ගලයින් අතර පළමු ස්ථානයට ඊලෝන් මස්ක් පත්වුණේ ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෝස් අභිභවා යමින්.

Exit mobile version