Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බූස්ටර් එන්නත නොගෙන විනෝද සවාරි ගියහොත් කොවිඩ් සුනාමියක් – චන්න ජයසුමන

පැලෝපීය නාලය ගැන කියා චන්න ජයසුමනට කණේ පහරක්

පැලෝපීය නාලය ගැන කියා චන්න ජයසුමනට කණේ පහරක්

බූස්ටර් එන්නත ලබානොගෙන විනෝද සවාරි ගියහොත් මේ මාසයේ අන්තිම සතියේ කොවිඩ් සුනාමියකට ලැස්තිවීමට සිදුවනු ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. එළැඹෙන උත්සව සමයේ ගමන් බිමන් යැමට පෙර කොවිඩ් මර්දන තුන්වැනි එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස මහාචාර්යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

බූස්ටර් එන්නතට මුල් කාලයේ දී ලොකු උනන්දුවක් නොතිබුණ ද ජනතාව අතරේ මේ වනවිට ඒ සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් ඇති වී තිබෙන බවත් වැඩිම බූස්ටර් එන්නත් ප්‍රමාණය (11) දිනයේ ලබාගෙන තිබූ බවත් හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් දෙසැම්බර් මාසයේ ගමන් බිමන් යෑම සීමා කිරීමේ අදහසක් නැතැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

Exit mobile version