Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝවිඩ් බූස්ටර් මාත්‍රාව ලබාගත් පසු සුළු රෝග ලක්‍ෂණ මතු විය හැකි; බිය නොවන්න – වෛද්‍ය මල්කාන්ති ගල්හේන

කෝවිඩ් මර්දන බූස්ටර් මාත්‍රාව ලබාගත් පසු සුළු රෝග ලක්‍ෂණ මතු විය හැකි; බිය නොවන්න - වෛද්‍ය මල්කාන්ති ගල්හේන

කෝවිඩ් මර්දන බූස්ටර් මාත්‍රාව ලබාගත් පසු සුළු රෝග ලක්‍ෂණ මතු විය හැකි; බිය නොවන්න - වෛද්‍ය මල්කාන්ති ගල්හේන

කෝවිඩ් මර්දන බූස්ටර් මාත්‍රාව ලබාගත් පසු දින 03ක් පමණ ගතවන තෙක් කෝවිඩ් රෝග ලක්‍ෂණවලට සමාන සුළු රෝග ලක්‍ෂණ මතු විය හැකි බවත්, ඒ අනුව ඒ පිළිබඳ බියක් ඇති කර නොගන්නා ලෙස කෝවිඩ් – 19 නිවස් ගත රෝගී සත්කාරක සේවාවේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මියෙ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ මහත්මිය පෙන්වා දුන්නේ බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදෙනු ලබන ෆයිසර් එන්නත සක්‍රීයව ප‍්‍රතිශක්තිකරණ පද්ධතියට දායක වන බව අදාළ රෝගී ලක්‍ෂණ මගින් පෙන්නුම් කෙරෙන බවයි. ඒ අනුව ඇඟපත රිදීම, හිසරදය, වමනය ගනිය යනාදී සුළු අපහසුතා ඇහි විය. හැකි බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරිය.ඒ සඳහා පැරසිටමෝල් වැනි සුළු ඖෂධයක්නි යමිත මාත්‍රාවෙන් ලබා ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය. මිට අමතරව එන්නත ලබාගත් පසු ගතවන දින 03ක කාලය තුළදී ලීටර 02ක පමණ දියර ප්‍රමාණයක් දිනපතා පානය කළ යුතු වන බවද විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළාය. ඒ මහත්මිය වැඩිදුරටත් ඉල්ලා සිටියේ, ලැබෙන පළමු අවස්ථාවේදීම ප්‍රමාද නොවී බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසයි.

Exit mobile version