Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ සම්මාන 5 වරක් සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ ලේඛක එරික් ඉලයප්ආරච්චි

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ සම්මාන 5 වරක් සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ ලේඛක එරික් ඉලයප්ආරච්චි

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ සම්මාන 5 වරක් සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ ලේඛක එරික් ඉලයප්ආරච්චි

වර්ෂ දෙදහස් විස්ස සහ විසිඑක වර්ෂ සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමීමේ උළෙල ගෙවී ගිය සිකුරාදා දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී දෙවසරක සම්මාන සඳහා සාහිත්‍යකරුවෝ බොහෝ දෙනකු සම්මානයට පාත්‍ර වූහ. මේ අතරින් සිදුවූ සුවිශේෂීම සිදුවීම වූයේ එක් සාහිත්‍යකරුවකු සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන පහක් හිමිවීමය.

වරක් ඔහු සම්මානයට පාත්‍ර වී වේදිකාවෙන් බිමට බැසීමට ප්‍රථම නැවත වරක් සම්මානයෙන් පිදුම් ලැබුවේය. මේ සම්මානකරු වෙන කිසිවකුත් නොව ප්‍රවීණ ලේඛක එරික් ඉලයප්ආරච්චිය.

දෙදහස් දහනවය වසරේ ඔහු විසින් රචිත ‘හම්බාවා’ පද්‍ය කෘතිය දෙදහස් විස්සේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ස්වතන්ත්‍ර පද්‍ය කෘතිය වූ අතර හොඳම විවිධ විෂය ග්‍රන්ථය ලෙස පිදුම් ලැබුවේ ඔහුගේ ‘මන්ටො’ කෘතියයි. දෙදහස් විසිඑක වසරේ රාජ්‍ය සම්මාන ප්‍රදානයේදී හොඳම නවකතාව වූයේ එරිල් ඉලයප්ආරච්චිගේ ‘මැස්සා’ නවකතාවයි. ‘කොළඹ දැනුම’ කෙටිකතා කෘතිය හොඳම ස්වතන්ත්‍ර කෙටිකතා කෘතිය ලෙස පිදුම් ලැබුවේය. හොඳම විවිධ විෂයක ග්‍රන්ථය ලෙස සම්මානයට පාත්‍ර වූයේද ඔහුගේ ‘බැද්දේගම කියවීම සහ සිලිඳු දැකීම’ යන කෘතියයි. මෙවර හොඳම පද්‍ය කෘතිය සඳහාද ඔහුගේ නම නිර්දේශිත කෘති අතර තිබුණේය.

එරික් ඉලයප්ආරච්චි සුවිශේෂී වන්නේ සම්මාන උළලෙකදී පස් පාරක් වේදිකාවට ගොඩවීමෙන් පමණක් නොව සම්මාන උළෙලකදී පිදෙන ප්‍රධාන සම්මාන ධාරාවේ ප්‍රධාන සම්මාන දෙකක් වන හොඳම නවකතාව මෙන්ම හොඳම කෙටිකතාවට හිමි සම්මානය ඔහු හිමිකර ගැනීමෙනි. එපමණක් නොව හොඳම කවියට හිමි සම්මාන අතරට ඔහුගේ නමද නිර්දේශව තිබීමෙනි. ඔහු නවකතාව, කෙටිකතාව, කවිය හා විචාරය යන සෑම ක්ෂේත්‍රයකම සම්මානනීය දැනුමක් ඇත්තෙකි. සම්මාන උළෙලකදී එකවර මෙවැනි සම්මාන වැඩි ගණනක් දිනූ ලේඛකයා මොහුය. එරික් ඉලයප්ආරච්චිගේ සෑම කෘතියකම අනෙක් කෘතිවලට වඩා විශේෂත්වයක් පවතින්නේය. ඒ ඔහුගේ කෘති බොහෝමයක් පිටු හාරසිය පන්සිය ගණනින් ලියූ ඒවා නොවීමය. මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ‘මැස්සා’ කෘතියේ පවා සමන්විත වූයේ පිටු එකසිය අසූ හතරකි. ගියවර ස්වර්ණ පුස්තක සම්මානය, විද්‍යෝද්‍ය සාහිත්‍ය සම්මානය හිමිවූ ‘පේත’ නවකතාවද එවැන්නකි.

Exit mobile version