යාපනය වෙරළේ ගොඩ ගසා තිබූ මළ සිරුරු පැහැරගෙන ගොස් අතුරුදන් පුද්ලයන්ගේ දැයි සැකයක් ඇති බව ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්රී සී.ශ්රීදරන්, ඊයේ දින පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම සැකය පළ කළේය.
මළ සිරුරු 6ක් යාපනය අර්ධද්වීපයේ වෙරළට ගොඩ ගසා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර වැල්වැටිතුරේ සහ පේදුරුතුඩුව ප්රදේශවලින් ගොඩගත් මළ සිරුරු 3ක් පේදුරුතුඩුව මූලික රෝහලේත්, කැලයෙන් ගොඩගත් සිරුරු කිලිනොච්චිය රෝහලේත්, යාපනය ශික්ෂණ රෝහලේත් තැන්පත් කර තිබෙනවා.
මරුතංගේනි පොලිස් බල ප්රදේශයෙන් ගොඩගත් මළසිරුර වෙත පොලිසිය පැමිණ මළ සිරුරට සිදුවූයේ කුමක්දැයි ප්රශ්න කළ බව ශ්රීධරන් මහතා පැවසීය. මළ සිරුරු අතුරුදන්වීම ඉතා භයානක බවද ඔහු පෙන්වා දුන්නේය.