නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් පෙරළීයාමෙන් මෙක්සිකෝවේ දී අනතුරක් සිදුව තිබෙනවා.
එහි ගමන් ගත් පුද්ගලයින් 53දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. අනතුරින් තුවාල ලැබූ 50කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මෙහි ගමන් ගෙන තිබෙනවා.