Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බූස්ටර් එන්නත ලබා දීම, එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීම ඇතුළු කොවිඩ් මර්දන කමිටුවේ තීරණ

කොවිඩ් එන්නත් තුනක අතුරු ප්‍රතිඵල අධ්‍යනයකින් හෙළි වේ

කොවිඩ් එන්නත් තුනක අතුරු ප්‍රතිඵල අධ්‍යනයකින් හෙළි වේ

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට එන්නත නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළු වීම වැළැක්වීම සඳහා මේ වන විට නීති උපදෙස් ගෙන තිබේ. එය සැලකිල්ලට ගෙන, ඉදිරියේ දී පොදු ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට කොවිඩ් කමිටුව (10) තීරණය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එළැඹෙන උත්සව සමයේ දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත්‍රා එන්නත (Booster) ඉදිරි දෙසතිය තුළ ලබා දී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට උපදෙස් දී ඇත.

වයස අවුරුදු 16 – 19ත් අතර දරුවන්ට දෙවන මාත්‍රාව සහ 12 – 15ත් අතර සියලු දරුවන්ට පළමු මාත්‍රාව ලබාදීමට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමග සැලසුම් කොට එන්නත ලබාදීමට කඩිනමින් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

එන්නත නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා දැනට නීති උපදෙස් ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
(10) තීරණය පමණක් ලබාගෙන ඇති අතර මෙම නීතිය පැනවීම නොබෝ දිනයකදී නිල වශයෙන් දන්වා සිදුකරනු ඇත.

Exit mobile version