Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හෙලිකොපටර් අනතුරෙන් ඉන්දිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බිපින් රාවට්, බිරිය ඇතුලු 13ක් මරුට

හෙලිකොපටර් අනතුරෙන් ඉන්දිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, බිරිය ඇතුලු 13ක් මරුට

හෙලිකොපටර් අනතුරෙන් ඉන්දිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, බිරිය ඇතුලු 13ක් මරුට

ඉන්දියාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බිපින් රාවට් මහතා බිරිඳ මධුලිකා රාවට් ඇතුළු 13 දෙනෙකු රැගත් ගුවන් හමුදා හෙලිකොප්ටරයක් ​​තමිල්නාඩුවේදී ගුවන්ගත වී ටික වේලාවකට පසු කඩා වැටීමෙන් (08) එම පිරිසම මිය ගියහ.

රුසියාවේ නිෂ්පාදිත Mi-17 V5 හෙලිකොප්ටරය කොයිම්බතූර් ප්‍රාන්තයේ සුලූර් හි පිහිටි ගුවන් හමුදා කඳවුරෙන් නීලගිරි කඳුකරයේ වෙලින්ටන් වෙත ගුවන්ගත වී ටික වේලාවකට පසු මෙම අනතුර සිදු විය. දහවල් 12.20ට පමණ මෙම අනතුර පිළිබඳ වාර්තා අනාවරණය විය.
හෙලිකොප්ටරයට අනතුරක් වන බවට සංඥා ලැබී බැස යමින් තිබූ අතර තවත් විනාඩි 10 කින් ගොඩබස්වනු ඇතැයි පැවසිණි. එය ආසන්නතම මාර්ගයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් තිබියදී කඩා වැටිණි.

වීඩියෝවල කඳු බෑවුමක විසිරී ඇති සුන්බුන් හඳනාගන්නට ලැබුණ අතර ගලවාගැනීම්කරුවන්ට ඝන දුමාරය මැද ගිනිගිනිමින් තිබූ සිරුරු සොයා ගැනීමට වෙහෙසවීමට සිදුවිය. අඹරන ලද ලෝහ සහ කඩා වැටුණු ගස් යට තිබූ පිළිස්සී ගිය සිරුරු ප්‍රදේශවාසීන් සහ පොලිස් නිලධාරීන් විසින් එළියට ගන්නා ලදී.

63 හැවිරිදි ජෙනරල් රාවට් ඉන්දියාවේ පළමු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස 2019 ජනවාරි මාසයේදී වැඩ භාර ගන්නා ලදී. ම

ෙම තනතුර පිහිටුවන ලද්දේ යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව යන ත්‍රිවිධ සේවා ඒකාබද්ධ කිරීමේ අරමුණින් ය.
අලුතින් පිහිටුවන ලද හමුදා කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස හිටපු හමුදා ප්‍රධානියෙකු වන ජෙනරාල් රාවට් ද පත් කරන ලදී.

Exit mobile version