Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනය, පාරිභෝගික අධිකාරිය මානව හිමිකම් කොමිෂමට

ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනය, පාරිභෝගික අධිකාරිය සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට

ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනය, පාරිභෝගික අධිකාරිය සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට

ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල නොසැලකිල්ල පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු සමාජ ක්‍රියාකාරීන් කීපදෙනෙක් කළ පැමිණිවලට අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශ යන ආයතන තුන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට (09) කැඳවා තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට, පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට (09) පෙරවරු 11.00 ට එම කොමිෂම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

සෙසු වෙළඳ භාණ්ඩවල මෙන්ම ගෑස් සිලින්ඩරයේ ද ඇසිරුම් දිනය සහ අන්තර්ගතය දැක්වෙන විස්තර ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා ගොනුකළ පැමිණිලි දෙකක් මෙහිදී කැඳවීමට නියමිතය.

Exit mobile version