Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැණික් අලෙවි කිරීමේ ඇනවුම්, Online ක්‍රමවේදයට සිදුකිරීමේදී වටිනාකම ඇ.ඩො 3000 දක්වා ඉහලට

මැණික් අලෙවි කිරීමේ ඇනවුම්, මාර්ගගත (Online) ක්‍රමවේදයට සිදුකිරීමේදී වටිනාකම ඇ.ඩො 3000 දක්වා ඉහලට

මැණික් අලෙවි කිරීමේ ඇනවුම්, මාර්ගගත (Online) ක්‍රමවේදයට සිදුකිරීමේදී වටිනාකම ඇ.ඩො 3000 දක්වා ඉහලට

වටිනාකම ඇ.ඩො 3000 දක්වා වන මැණික් අලෙවි කිරීමේ ඇනවුම්, මාර්ගගත (Online) ක්‍රමවේදයට සිදුකිරීමට අදාළ ගැසට් පත්‍රයට කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය ඊයේ (06) හිමිවිය.

පවතින කොවිඩ් තත්ත්වය මත සංචරණ කටයුතු සීමා වීම නිසා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සදහා මෙම පියවර ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය. එසේම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් අයකරනු ලැබූ සියයට 0.5 ක ගාස්තුව සියයට 0.25 දක්වා අඩු කිරීමද මෙම ගැසට් පත්‍රය මගින් සිදුවී ඇත.

1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාර‍ිය පනත යටතේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග ඇතුළත් අංක 2165/2 දරන ගැසට් පත්‍රයට මෙලෙස කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

කර්මාන්ත කටයුතු අමාත්‍ය විමල් වීරවංශ, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් (06) පැවති කාරක සභා රැස්වීමට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා ඇතුළු නිලධාරිහු සහභාගී වූහ.

Exit mobile version