Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බැඳුම්කර මංකොල්ල චෝදනා 11 කින් කට්ටියම නිදහස් කරලා

බැඳුම්කර මංකොල්ලය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් නගා තිබූ චෝදනා 22කින් 11 ක් සම්බන්ධයෙන් චූදිතයන් නිදහස් කර ඇත.

මේ සම්බන්ධයෙන් ඊයේ දින (06) ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගය පැවැත්වූ අවස්ථාවේ චූදිතයන් නිදහස් කර ඇත. මේ අනුව හිටපු මුදල් ඇමතිවරයෙකු වන රවි කරුණානායක, එවකට සිටි මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි හිමිකරු අර්ජුන් අලෝසියස් යන තිදෙනා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකු එම චෝදනා 11න් නිදහස් කර තිබේ.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ්‍යවරයා විරෝධතාවයක් මතු කරමින් අදාළ චෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව නඩු විභාගයක් පවත්වාගෙන යා නොහැකි බවට කරුණු දක්වා ඇත. ඒ අනුව අදාළ චෝදනා 11න් විත්තිකරුවන් නිදහස් කිරීමට මහාධිකරණය තීරණය කර තිබේ.

Exit mobile version