Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“රත්රන් ගොඩගන්න ගිය ඇමැති සගයන් ගැන CID පරීක්ෂණයක් ඇරැඹිය යුතුයි” – අනුර කුමාර දිසානායක

ආණ්ඩුව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට සමානයි - අනුර කුමාර දිසානායක

ආණ්ඩුව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට සමානයි - අනුර කුමාර දිසානායක

එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් මුලතිව්හි රත්රන් ගොඩගන්න ගිය ඇමැති සරත් වීරසේකරගේ සම්බන්ධීකරණ ලේකම්ට හා ඇමැති ඩග්ලස් දේවානන්දාගේ මාධ්‍ය ලේකම්ට එරෙහිව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ඇරැඹිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

පෙරේදා (03) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

මන්ත්‍රිවරයා ඇමැති සරත් වීරසේකරට ඇඟිල්ල දිගු කරමින් මෙසේද පැවැසීය.

“මට ඉතා වැදගත් ආරංචියක් ආවා ඔබේ අමාත්‍යාංශයට, අමාත්‍යාංශ ලේකම්ට ඉතා පැහැදිලි තොරතුරක් ලැබුණා පහුගියදා මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව රත්රන් තොගයක් වලලා තිබෙන බවට. ඒක ආරක්ෂක අමාත්‍යාංශයට ලැබුණු තොරතුරක්. ඒ තොරතුරු අනුව ලේකම්වරයා උසාවි නියෝගයක් ගනු ලැබුවා මෙම ප්‍රදේශය හාරන්න. පසුගිය 25ට උසාවි නියෝගයක් දුන්නා ඒවා හාරන්න. නමුත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සමහර ක්‍රියාකාරකම් නිසා එය දෙසැම්බර් 2 දක්වා කල් දැම්මා. ඔබේ සම්බන්ධීකරණ ලේකම් සුගත් ජයසිංහයි ඩග්ලස් දේවානන්දා ඇමැතිගේ මාධ්‍ය ලේකම්වරයායි මුලතිව් ප්‍රදේශයේ පොලිසියට ගොස් මෙය උසාවි නියෝගයක් හෑරීමට පෙර ඔවුන් රහසිගත ලෙස මේ රත්රන් තොගය ගොඩගැනීම සඳහා උත්සාහයක් ගත්තා. ඒ සඳහා පොලිසියේ ඕ.අයි.සී.ට බලපෑම් කළා. මේ සටහන් පොලිස් පොතේ සඳහන් කොට තිබෙනවා. දැන් ඔබ පොලිසිය භාර ඇමැතිවරයා. ඔබේ ලේකම්ට එන තොරතුරක් මේ. හැබැයි ඔබේ සම්බන්ධීකරණ ලේකම් ඊට කලින් ගිහින් මේවා ගොඩගන්න උත්සාහ කරනවා.
මේක නම් මේ රටේ සම්ප්‍රදාය. මේ එළිදරව් වූ එක ගත්තම ඕන තරම් අපිට සැක කරන්න පුළුවන්. කුඩු තොග පිළිබඳ තොරතුරක් එනකොට තමුන්නාසේගේ සම්බන්ධීකරණ ලේකම් කුඩු ව්‍යාපාරිකයෝ හම්බවෙන්න යන්න පුළුවන්. පාතාලේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු හෙළිවෙද්දි තමුන්නාන්සේගේ සම්බන්ධීකරණ ලේකම් පාතාලේ හම්බවෙන්න යන්න පුළුවන්.

ඒ නිසා දැන් මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න ඕන. හැබැයි මේ ගැන මං හිතන්නේ නැහැ තමුන්නාන්සේට ඔය පුටුවේ ඉඳගෙන පරීක්ෂණය කරන්න පුළුවන් වෙයි කියලා. තමුන්නාන්සේලා සාධාරණයි. මොකද අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් කියන්නෙ නිකම් රජයේ නිලධාරියෙක් නෙවේ. සම්බන්ධීකරණ ලේකම් කියන්නේ ඔහුගේ පෞද්ගලික අනුදැනුම. ඔහුගේ අවබෝධය, ඔවුන් සමඟ තියෙන බැඳීම. ඒක තමයි සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් පත් කරන්නෙ. මේ රත්රන් තොගය ගොඩගැනීම සඳහා මුලතිව් ගිහින් තියනවා. මේ ගැන සී.අයි.ඩී පරීක්ෂණයක් කරන්න කියලා තමුන්නාන්සේ කියනවා. තමුන්නාන්සෙ ඒකට පිළිතුරක් දෙන්න. ඉතා පැහැදිලියි අර සම්බන්ධීකරණ ලේකම් ඊට හවුල් බව. ඔහු ඕ.අයි.සී. මහත්තයට බලපෑම් කර තිබෙන බව.”

Exit mobile version