Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිදහස ලබා වසර 55කට පසු බාබඩෝස් රාජ්‍ය ජන රජයක් වෙයි

නිදහස ලබා වසර 55කට පසු බාබඩෝස් රාජ්‍ය ජන රජයක් වෙයි

නිදහස ලබා වසර 55කට පසු බාබඩෝස් රාජ්‍ය ජන රජයක් වෙයි

එලිසබත් මහ රැජිනගේ රාජ්‍ය නායකත්වයෙන් මිදුණු බාබඩෝස් රාජ්‍ය ජන රජයක් ලෙස නම් කෙරුණා.

වසර 400ක පමණ බ්‍රිතාන්‍ය පාලනයෙන් අනතුරුව 1966 වසරේ දී බාබඩෝස් රාජ්‍යයට නිදහස හිමි වුණා. එරට 55වන නිදහස් දිනය යෙදී ඇත්තේ (30) දිනටයි. බාබඩෝස් රාජ්‍ය ජන රජයක් බවට පත් වන බව නිදහස් දින උළෙලට සමගාමීව නිවේදනය කෙරුණා.

මහා බ්‍රිතාන්‍ය යේ කිරුළ හිමි චාල්ස් කුමරු, සුප්‍රසිද්ධ ගායිකා රිහානා හා බාබඩෝස් රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ සැන්ඩ්‍රා මේසන්ගේ සහභාගිත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ. තේරීපත්වූ නව ජනාධිපතිවරයා ධුරයේ දිවුරුම් දීමද (30) සිදු වුණා.

බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජින බාබඩෝස් රාජ්‍යයේ රාජ්‍ය නායකයා ලෙස (30) සිට පිළි නොගන්නා අතර එම ධුරය ජනාධිපතිවරියට හිමි වනවා.

Exit mobile version