Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන නිලධාරියා ලෙස ලාංකික සම්භවයකින් යුතු ෂෙමාරා තෙවැනි වතාවටත්

ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු ෂෙමාරා වික්‍රමනායක තෙවැනි වතාවටත්

ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු ෂෙමාරා වික්‍රමනායක තෙවැනි වතාවටත්

පිට පිට තෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු ෂෙමාරා වික්‍රමනායක මහත්මිය සමත් වී ඇතැයි “ද ඕස්ට්‍රේලියන් ෆයිනෑන්ෂල් රිවීව්” කියා සිටී.

2021 වසර සදහාද ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරියා දස දෙනා අතරින් පළමුවැනි ස්ථානය දිනා ගැනීමට ෂෙමාරා වික්‍රමනායක මහත්මිය සමත් වී ඇති අතර ඒ අනුව ඇය මීට පෙර 2019 වසරේදීත්, 2020 වසරේදීත් එය හිමි වූ බව ඕස්ට්‍රේලියන් ෆයිනෑන්ෂල් රිවීව් කියා සිටී.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ෂෙමාර වික්‍රමනායක මහත්මිය මේ වන විට රට මැකියුරී සමූහයේ ප්‍රධාන විධායක නිළධාරිනිය ලෙස සේවය කරන්නීය.

ඇය පසුගිය ජූනි මාසයෙන් අවසන්වූ එරට මුදල් වර්ෂය තුළ ලබාගෙන ඇති වැටුප ඩොලර් මිලියන 15.97ක් වන බවද “ද ඔස්ට්‍රේලියන් ෆයිනෑන්ෂල් රිවීව්” වාර්ෂික ලේඛනයේ වැඩිදුරටත් සදහන් වේ. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය වසර හා සැසඳීමේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විධායක නිළධාරීන් ලබන වැටුප සියයට 20කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ ලැයිස්තුගත සමාගම් හි වාර්ෂික වාර්තාවල සඳහන් මුළු වැටුප මත පදනම්ව එරට ඉහළම ගෙවීමක් ලබන ප්‍රධාන විධායක නිලධාරීන් 10 දෙනා පෙළගස්වනු ලබන අතර එම ලැයිස්තුගත කිරීමේදී ඇයට ප්‍රථම ස්ථානය හිමි වීමද විශේෂත්වයකි.

මේවන විට ෂෙමාරා වික්‍රමනායක ජාත්‍යන්තර කාන්තා ව්‍යවසායිකාවක් වන අතර එරට මැකියුරී සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනී ලෙස 2018 වසරේදී එම තනතුරට පත්වන තෙක් ඇය වසර 33 තිස්සේ එම සමාගමේ සේවය කළ තැනැත්තියකද වේ. එය මුලින්ම එම සමාගම හා එක්වී ඇත්තේ 1987 වසරේදීය.

1962 දී එක්සත් රාජධානියේ උපත ලැබූ ෂෙමාරා වික්‍රමනායක මහත්මිය කුඩා කාලයේදී ශ්‍රී ලංකාවේ වාසය කර ඉන්පසු වයස අවුරුදු 13 දී සිය දෙමව්පියන් සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වි ඇති අතර එහිදී අධ්‍යාපන කටයුතු සිදුකර තිබේ. ෂෙමාරා වික්‍රමනායකගේ පියා ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකි.ෂෙමාරා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයෙන් වානිජවේදය හා නීතිය පිළිබද උසස් අධ්‍යාපනය ලබා ඇත.

දැනට 59 හැවිරිදි වියේ පසුවන විවාහක දෙදරු මවක්ද වන ෂෙමාරා වික්‍රමනායකගේ ඇයගේ සැමියා හිටපු අයෝජන බැංකුකරුවෙකු වන අතර ඔහු නිවසේ රැදී සිටමින් ඇයගේ වෘත්තීය කටයුතු වෙනුවෙන් දැක්වූ සහයෝගය ඇය හැම අවස්ථාවකදිම විවෘතව අදහස් දක්වා ඇත.

පසුගිය 2018 වසරේ ජූලි මාසයේ දී ඇය මැකියුරී සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ භාර ගනු ලැබූයේ එම සමාගමේ ඉතිහාසය තුළ එම තනතුරට පත් පළමු කාන්තාව බවටද පත්වෙමිනි.

ඕස්ට්‍රේලියාවේ විශාලතම සමාගම් 20 අතර සිටින එකම ප්‍රධාන විධායක නිළධාරිනිය ලෙසින් වාර්තා තබා ඇති ෂෙමාරා ෆෝර්බ්ස් සඟරාවට අනුව ලොව බලවත් කාන්තාවන් සියදෙනා ගේ ලැයිස්තුවේ පිට පිට 10 වතාවක් තේරි පත් වූ ව්‍යවසායිකාවකි.

Exit mobile version