Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලිඳුල ප්‍රදේශයේ ශාන්ත මරියා තුමියගේ ප්‍රතිමාව කඩා බිඳ දමයි : පොලීසියෙන් දැඩි විමර්ශන

ලිඳුල පොලිස් වසමට අයත් එල්ජීන් වතු යායේ නාඳුනන පුද්ගලයන් විසින් ශාන්ත මරියා තුමියගේ ප්‍රතිමාව කඩා බිඳ දමා ඔයට විසි කළ සිද්ධියක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබේ.

(26) දින රාත්‍රියේ  සිදු වී ඇති මෙම සිදුවීම හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ජනතාව අතර නොසන්සුන්තාවක් හට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ලිඳුල පොලීසිය විසින් සිදු කරමින් පවතී.

කඳුකර ප්‍රදේශයේ දින කිහිපයක සිට අඛණ්‌ඩව මෙවැනි ප්‍රතිමා කැඩීම් සම්බන්ධ සිද්ධි වාර්තා වෙමින් පවතින බව දැනගන්නට ලැබී ඇත.

Exit mobile version