Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවි ගබඩාව භාරව සිටි හිටපු පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසකින් හමුවූ අවි ගබඩාව

වැලිපැන්නේ පිහිටි නිවසක් තුළ තිබී අවිආයුධ තොගයක් සොයාගෙන තිබේ. ඒ අනුව, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 248ක් ඇතුළු විවිධ වර්ගයේ උණ්ඩ 370ක්, විදෙස් ර‍ටක නිෂ්පාදිත පිස්තෝලයක් මැගසින් 4ක් හා ග්‍රෙනේඩ් 1ක් හමුවී ඇත.

ඇමති ආරක්ෂක අංශයේ අවි ගබඩාව භාරව සිටි හිටපු පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසක් තුළින් ඒවා සොයාගෙන තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාස නිලධාරීන් ඊයේ දින (27) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලියක් අද රාත්‍රියේ අදාළ පුද්ගලයා ඝාතනය කර මෙම අවි ආයුධ කොල්ලකෑමට කළ සැලසුමක් අනාවරණවීමෙන් අනතුරුවය.

Exit mobile version