Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ස්වීඩනයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස මැග්ඩලීනා ඇන්ඩර්සන්

ස්වීඩනයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස මැග්ඩලීනා ඇන්ඩර්සන්

ස්වීඩනයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස මැග්ඩලීනා ඇන්ඩර්සන්

ස්වීඩන් පාර්ලිමේන්තුව එරට පළමු කාන්තා අගමැතිනිය ලෙස මුදල් අමාත්‍යවරියවූ මැග්ඩලීනා ඇන්ඩර්සන් තෝරා පත් කර ගනී.

ස්වීඩනයේ ක්‍රමය වන්නේ, අගමැති අපේක්ෂකයෙකුට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ සහය අවශ්‍ය වනු වෙනුවට, අවශ්‍ය වන්නේ අපේක්ෂකයාට එරෙහිව බහුතරයක් නොමැති වීමයි. මැග්ඩලීනා ඇන්ඩර්සන් අන් අයගේ සහයෝගය ලබා ගනිමින් අවසන් මොහොතේ ගනුදෙනුවකට එළැඹ අගමැති තනතුර ලබා ඇත.

(24) පාර්ලිමේන්තුවේ ඡන්දයේදී ඇයට ලැබෙන සහයෝගය වෙනුවෙන් විශ‍්‍රාම වැටුප් ඉහල නැංවීමට වාම පක්ෂයක් සමග ඇය අඟහරුවාදා (23) ගනුදෙණුවකට එළඹි අතර එම සහයෝගය මත තනතුර හිමිවූ බව සදහන්ය.

“ඇන්ඩර්සන්ට සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සභාග හවුල්කාර හරිතයන්ගේ මෙන්ම මධ්‍ය පක්ෂයේ දසහාය ලැබී ඇත.

සිකුරාදා කාල් XVI ගුස්ටාෆ් රජු සමඟ පැවති රැස්වීමකින් පසුව ඇන්ඩර්සන් නිල වශයෙන් අගමැති ධූරයේ කාර්යයන් භාර ගනු ඇත.‍අනෙකුත් සියලුම නෝර්ඩික් රටවල් එනම් නෝර්වේ, ඩෙන්මාර්කය, ෆින්ලන්තය සහ අයිස්ලන්තය කාන්තාවන් ආන්ඩු මෙහෙයවා ඇතත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා දිගු කලක් තිස්සේ ප්‍රමුඛත්වය දුන් ජාතියක් වුවද, ස්වීඩනයට කිසි දිනෙක අගමැතිවරියක ලැබී නැත.

Exit mobile version