Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොදුජන පෙරමුණට බලය හිමි කතරගම අයවැය නොකඩවා තෙවැනි වරටත් පරදී

නීතිය, සාමය ස්ථාපිත කරන්නැයි පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක්

නීතිය, සාමය ස්ථාපිත කරන්නැයි පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක්

පොදුජන පෙරමුණට බලය හිමි කතරගම ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය තෙවැනි වරටත් වැඩි ඡන්ද 10 කින් පරාජය වී ඇත.(24) දින පැවති ඡන්ද විමසීමේ දී අයවැය ලේඛනයට පක්ෂව සභාපතිවරයාද ඇතුළුව ඡන්දය ලබා දී තිබුණේ තිදෙනකු පමණක් වන අතර විපක්ෂව ප්‍රාදේශීය සභා සභිකයින් 13න් දෙනෙකු ඡන්දය පාවිච්චි කර තිබිණ.

ඒ අනුව නොකඩවා තෙවැනි වරටත් කතරගම ප්‍රාදේශීය සභාවේ අයවැය වැය සම්මත කර ගැනීමට පොදුජන පෙරමුණු සභාපතිවරයා ප්‍රමුඛ පාලක පක්ෂයට හැකියාව ලැබුණේ නැත.

සිද්ධියත් සමඟ ප්‍රාදේශීය සභාවේ තරමක උණුසුම් තත්ත්වයක් මතු වූ අතර ඡන්දයෙන් අනතුරුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයෙන් ඉවතට ගිය සභාපතිවරයාට පක්ෂ විපක්ෂ ප්‍රාදේශීය සභා නියෝජිතවරුන්ගේ අප්‍රසාදයද පළ කෙරිණ.

Exit mobile version