Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාගේ ගැසට් නිවේදනය බලරහිත කර තනතුරෙන්ද ඉවත් කරයි

පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා ඉකුත් පළමුවැනිදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි. ඔහුට එරෙහිව විනයානුකුල පරීක්‍ෂණයක් ද පැවැත්වේ. පලිබෝධ නාශක තහනම තවදුරටත් ක්‍රියාත්මකයි.

ග්ලයිෆොසෙට් ඇතුලු පලිබෝධ නාශක 5 ක් මීට වසර 7 කට පමණ පෙර තහනම් කෙරුණි. එම තහනම ඉවත් කරමින් පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුව තනතුරෙන් ඉවත් කර ඇති බව කෘෂීකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

රජය මේ වනවිට ක්‍රියාවට නංවා ඇති හරිත කෘෂි කර්මාන්තයේ ප්‍රගතිය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමාලෝචනය කෙරුණු බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ජාතික ගුවන් විදුලියේ දස දෙසින් හත වැඩසටහනට එක්වෙමින් ඔහු පැවසුවේ ගොවීන්ට නිසිපරිදි කාබනික පොහොර ලබාදී ඇති බවයි. වී වගාවේ අස්වැන්න සම්බන්ධයෙන් කිසිදු ගැටඵවක් නොමැත.

Exit mobile version