Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2017 වසරේන් පසු ඉහළම උද්ධමනය වාර්තා වේ

ජාතික උද්ධමනයත් ඉහළට

ජාතික උද්ධමනයත් ඉහළට

මෙරට උද්ධමනය වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

සැප්තැම්බර් මාසයේ සියයට 6.2ක්ව පැවැති මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසය වනවිට සියයට 8.3ක් දක්වා ඉහළ ගොස් තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.

එය සැලකෙන්නේ වසර කට පසු මෙරටින් වාර්තා වූ වැඩිම උද්ධමනය ලෙසයි.මීට පෙර 2017 වසරේ නොවැම්බර් මාසයේදී සියයට 8.4ක් ලෙස උද්ධමනය වාර්තා වී තිබුණා.

ඔක්තෝම්බර් මාසයේදී උද්ධමනය ඉහළයාමේදී ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකේම මාසික මිල ගණන් ඉහළ යාම හේතුවූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ. ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 10 සිට 11.7 දක්වාද, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 3සිට සියයට 5.4ක් දක්වාද ඉහළ ගොස් තිබෙනවා.

නිවාස, ජලය, විදුලියසහ ගෑස් අදි අයිතමවල මිල ඉහළ යෑම උද්ධමනය පෙර මාසයට වඩා ඉහළ යෑමට ප්‍රධාන හේතුව බව මහ බැංකුව කියයි.

Exit mobile version