Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිලෙහි බලපෑම මෙරට වෙළදපොළටත් – රත්‍රන් කර්මාන්තයේ ප්‍රවීණයින්

රු. කෝටි 15ක රත්‍රන් සමඟ සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපොළේ අත්අඩංගුවට

රු. කෝටි 15ක රත්‍රන් සමඟ සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපොළේ අත්අඩංගුවට

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිලෙහි බලපෑම මෙරට වෙළදපොළටද බලපෑම් කරණු ඇතැයි රත්‍රන් කර්මාන්තයේ ප්‍රවීණයින් අනතුරු අගවනවා.

ලෝක වෙළදපොලේ රත්‍රන් මිල මේ වනවිට සීග්‍රයෙන් ඉහළයමින් පවතිනවා. ඊට සාපේක්‍ෂව මෙරට වෙළදපොලේද රත්‍රන් මිලද තීරණය වන බවයි මෙරට රත්‍රන් කර්මාන්තයේ නියුතු ප්‍රධාන ආයතන පවසන්නේ.

මේ වනවිට මෙරට වෙළෙඳපොළේ රත්‍රන් මිල දැක්වෙන්නේ කැරට් 22 පවුමක් සඳහා රුපියල් එක් ලක්‍ෂ 8,000ක් ලෙසයි. කැරට් 24ක පවුමක මිල රුපියල් එක් ලක්‍ෂ 18,000ක් ලෙස අද වනවිට සටහන් වනවා.

ලෝක වෙළදපොලේ රත්‍රන් අවුන්සයක මිල අද වනවිට සදහන් වූයේ ඩොලර් 1,862යි දශම 5යි 6ක් ලෙසයි. එය ඉකුත් මාසයට සාපේක්‍ෂව සැසදීමේදී සියයට 4යි දශම 1යි 8 ක වර්ධනයක්. විශේෂඥයින් පවසන්නේ ඉදිරියේදී රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 1,900 සීමාවද පසුකර යනු ඇති බවයි.
ඉහළයමින් පවතින උද්දමනය හේතුවෙන් රත්‍රන් සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවී තිබීම මෙම තත්ත්වයට හේතුවයි.

Exit mobile version