Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුව විවේචනය කරන්න බැහැ – චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුව විවේචනය කරන්න බැහැ - චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුව විවේචනය කරන්න බැහැ - චක්‍රලේඛයක්

සමාජ මාධ්‍යයෙන් ඔස්සේ රජය විවේචනය කරන නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා බවට රජය මගින් නවතම චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇත්තේ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සිටින කාර්ය මණ්ඩලයට එම නියෝගය දැනුම් දිය යුතු බවයි.

පරිපාලනයට එරෙහි සෘණාත්මක ප්‍රචාර වැලැක්වීමේ අලුත් පියවරක් ලෙස සමාජ මාධ්‍ය වේදිකා හරහා රජය සහ එහි ප්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙස රාජ්‍ය සේවකයින්ට මෙකී නියෝගය මගින් දන්වා ඇත. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නියෝගය කඩ කළහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ඔවුන්ට අනතුරු අඟවා තිබේ.

මේ සතියේ නිකුත් කරන ලද මෙම චක්‍රලේඛය මගින් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ කොට්ඨාශ වලින් ලැබුණු පැමිණිලි අනුව මෙම පියවර ගත් බවයි. ලේකම්වරුන්, ග්‍රාම සේවක නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු තවත් පිරිසක් රජය සහ එහි ප්‍රතිපත්ති විවේචනය කිරීමට සමාජ මාධ්‍ය භාවිත කරමින් සිටී. පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ග්‍රාම සේවක නිලධාරීන්ට එරෙහිව බවද ඔහු පැවසීය.

එම චක්‍රලේඛය ආයතන සංග්‍රහය උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ රජය සහ එහි ප්‍රතිපත්ති විවේචනය කිරීම රාජ්‍ය අංශයට අපකීර්තියක් ගෙන දෙන බැවින් රාජ්‍ය අංශයේ සේවකයන්ට දැඩි දඬුවම් පැනවිය හැකි බවයි. රාජ්‍ය අංශයේ ඇතැම් සේවකයින්ගේ අදහස් සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ විශේෂඥයින්ගේ සහය ඇතිව දැනටමත් විමර්ශන සිදු කෙරෙන බවද අමාත්‍යාංශය පවසයි.

“විනය ගරුක රාජ්‍ය සේවයක් ඇති කිරීම අරමුණයි” ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය මාසයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාව අමාත්‍යාංශයේ ඔහුගේ සියලු තනතුරුවලින් ඉවත් කළේ ඔහු රසායනික පොහොරවලින් කාබනික පොහොරවලට මාරුවීමේ රජයේ ප්‍රතිපත්තිය විවේචනය කළ බව පවසමිනි.

Exit mobile version