Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එංගලන්තයේ නිවසක ඇති වූ ගින්නකින් ලාංකිකයන් සිව් දෙනෙක් මරුට

එංගලන්තයේ බෙක්ස්ලිත් ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් පුද්ගලයන් සිව් දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. මෙම සිව්දෙනාම ශ්‍රී ලාංකිකයන් බවයි වාර්තා වන්නේ. ඔවුන් වසර 15 ක පමණ කාලයක සිට එංගලන්තයේ ජීවත්ව සිටි බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

මියගොස් තිබෙන්නේ කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු වන අතර එම දරුවන් අවුරුදු 04 සහ මාස 18 යන වයස්වල පසුවූ බවද වාර්තා වේ. තවත් එක් පුද්ගලයෙකු පිළිස්සුම් තුවාල ලබා තිබේ.

නිවසේ පහළ මාලයේ ගින්න හටගෙන ඇති අතර ගින්නට හේතුව කුමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැත.

Exit mobile version