Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකර්ෂෙන්කෝගෙන් යුරෝපයට අනතුරු ඇගවීමක්

බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකර්ෂෙන්කෝගෙන් යුරෝපයට අනතුරු ඇගවීමක්

බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකර්ෂෙන්කෝගෙන් යුරෝපයට අනතුරු ඇගවීමක්

යුරෝපයට සිදුකරන ගෑස් සැපයුම අත්හිටුවන බව බෙලරූස් රාජ්‍ය අනතුරු අඟවා තිබෙනවා.

යුරෝපා සංගමය සහ බෙලරූස් රාජ්‍ය අතර උද්ගතව ඇති දේශසීමා අර්බුදය හමුවේ මෙම තීරණයට එළඹි බවයි බෙලරූස් රාජ්‍ය පවසන්නේ. දේශසීමා අර්බුදය පදනම් කර ගනිමින් සිය රටට සම්බාධක පැනවීමට කටයුතු කළහොත් මෙලෙස යුරෝපා කලාපයට සිදුකරන ගෑස් සැපයුම අත්හිටුවන බවයි බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකර්ෂෙන්කෝ පවසන්නේ.

බෙලරූස් රාජ්‍යයේ දේශසීමාවේ සිට පෝලන්තය හා ලිතුවේනියාව හරහා යුරෝපයට ඇතුළුවන සංක්‍රමණිකයින්ගේ ගැටලුව පසුබිම්කර ගනිමින් බෙලරූස් රාජ්‍යය සහ යුරෝපා සංගමය අතර දේශසීමා අර්බුදය උත්සන්න වී තිබෙනවා.

Exit mobile version