Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සින්තටික් මුව ආවරණ පැළඳීමෙන් පිළිකා අවදානමක් නෑ; අනිවාර්යයෙන් මුඛ ආවරණ පැලදීම සිදු කළ යුතුයි – යුරෝපා සංගමය

සින්තටික් මුව ආවරණ පැළඳීමෙන් පිළිකා අවදානමක් නෑ; අනිවාර්යයෙන් මුඛ ආවරණ පැලදීම සිදු කළ යුතුයි - යුරෝපා සංගමය

සින්තටික් මුව ආවරණ පැළඳීමෙන් පිළිකා අවදානමක් නෑ; අනිවාර්යයෙන් මුඛ ආවරණ පැලදීම සිදු කළ යුතුයි - යුරෝපා සංගමය

සින්තටික් මුව ආවරණ පැලඳීමෙන් පිළිකා ඇති විය හැකි බවට තහවුරු වී නොමැති බව යුරෝපා සංගමය නිවේදනය කරනවා.

සින්තටික් මුඛ ආවරණවල ටයිටේනියම් ඩයට්සයිඩ් අන්තර්ගතවීම හේතුවෙන් පිලිකා ඇති වීමේ අවදානමක් පවතින බවට පසුගියදා පුවතක් පැතිර ගියා.

ඒ හේතුවෙන් මෙම නිවේදනය නිකුත් කර ඇති අතර සින්තටික් මුඛ ආවරණ පැලදීම හේතුවෙන් කිසිදු බරපතල රෝගයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව සායනිකව තහවුරු කර ඇති බව යුරෝපා සංගමය අවධාරණය කරනවා.

එබැවින් කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැලැක්වීම සඳහා අනිවාර්යයෙන් මුඛ ආවරණ පැලදීම සිදු කළ යුතු බවයි එම සංගමය නිවේදනය කරන්නේ.

එමෙන්ම ඉදිරියේ දී මුඛ ආවරණවල අන්තර්ගත ටයිටේනියම් ඩයොක්සයිඩ් සංයුතිය ප්‍රදර්ශනය කිරීමට ද පියවර ගන්නා ලෙස ද යුරෝපා සංගමය නිෂ්පාදකයින්ට දැනුම් දී තිබෙනවා.

Exit mobile version