Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වැඩි මිල සැපයුම්කරුගෙන් PCR කට්ටල මිලට ගැනීමේන් රජයේ පාඩුව ලක්‍ෂ 1250ක් – විගණකාධිපති

වැඩි මිල සැපයුම්කරුගෙන් PCR කට්ටල මිලට ගැනීමේන් රජයේ පාඩුව ලක්‍ෂ 1250ක් - විගණකාධිපති

වැඩි මිල සැපයුම්කරුගෙන් PCR කට්ටල මිලට ගැනීමේන් රජයේ පාඩුව ලක්‍ෂ 1250ක් - විගණකාධිපති

කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වලට අවශ්‍ය කට්ටල වැඩි මිල ගණන් ඉදිරිපත් කළ සැපයුම්කරුවකුගෙන් මිලට ගැනීම හේතුවෙන් රජය ලක්ෂ 1250ක් අලාභයක් සිදුව ඇතැයි විගණකාධිපතිවරයා සඳහන් කරයි.

2020 අප්‍රේල් මාසයේදී මෙම මිලට ගැනීම සිදුකර ඇතැයි විගණකාධිපතිවරයා සිය වාර්තාව මගින් සඳහන් කර ඇත.

එම කාලයේ දී වෙළඳපොලේ එක කට්ලයක මිල රුපියල් 1850ක් වූ අතර අඩු මිල ගණන් ඉදිරිපත් කළ සැපයුම්කරු ප‍්‍රතික්ෂේප කරමින් වෙනත් සැපයුම්කරුවකුට වාසි වන ලෙස එම ටෙන්ඩරය ලබා දී ඇති බවද සඳහන් වෙයි.

මේ හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 1250 අලාභයක් සිදුව ඇතැයිද කතානායකවරයා වෙත භාරදී ඇති විගණන වාර්තාවේ සඳහන්ය.

Exit mobile version