Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි 6ක මුදල් රැගෙන පළා ගිය වෑන් රථයේ රියදුරු පැය 02කින් ඇල්ලු STF මෙහෙයුම

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවවල ATM යන්ත්‍ර සඳහා තැන්පත්කිරිමට වෑන් රථයකින් රැගෙන පැමිණි රුපියල් හය කෝටි හැත්තැහතර ලක්ෂ දහ නව දහසක මුදලක් රැගෙන පලා ගිය එම වෑන් රථයේ රියදුරා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් මුදල් සමග අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාර දි තිබෙනවා.

ආරක්ෂක නිලධාරියා සහ අදාල නිලධාරින් දෙදෙනා වැන් රථයෙන් බැස බැංකු ශාඛාව වෙත ගිය අවස්තාවේ වෑන් රථයේ රැදි සිටි රියදුරා විසින් වෑන් රථය රැගෙන පලාගොස් ඇති බවයි එම ආයතනයේ නිලධාරින් සහ ආරක්ෂක නිලධාරයා විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

එම වැන් රථයේ සවි කර තිබු GPS යන්ත්‍රය අනුව සැකකරු ගමන් ගන්නා මාර්ගය පිළිබදව හැටන් පොලිසියේ නිලධාරින් සියළුම පොලිස් ස්ථාන වෙත දැනුම් දිමෙන් අනතුරුව සැකකරුව නුවරඑලිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ කැප්පට්පොල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඊයේ දින පස්වරු 3.30ට පමණ අත්අඩංගුවට ගෙන කැප්පට්පොල පොලිසිය වෙත භාර දි ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වන නිසා සැකකරු සහ පොලිස් භාරයට ගත් මුදල් තොගය හැටන් පොලිසියට ඊයේ දින රාත්‍රියේ භාර දි ඇත.

Exit mobile version