Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පැහැදිලිවම මේ රටේ ඖෂධ මාෆියාවක් තිබෙනවා, මාෆියාවේ ප්‍රතිඵල අපට වරින්වර පෙනෙනවා – චන්න ජයසුමන

බූස්ටර් එන්නත නොගෙන විනෝද සවාරි ගියහොත් කොවිඩ් සුනාමියක් - චන්න ජයසුමන

බූස්ටර් එන්නත නොගෙන විනෝද සවාරි ගියහොත් කොවිඩ් සුනාමියක් - චන්න ජයසුමන

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සිය තනතුරෙන් ඉවත්වන බව දැනුම් දී ඇති බවත්, රටේ විශාල ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 50වැනි රාජ්‍ය ඔසුසැල ශාඛාව හොරණ නව බස් නැවතුම්පොළ සංකීර්ණයේදී විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්න ජයසුමන මහතා,

“පැහැදිලිවම මේ රටේ ඖෂධ මාෆියාවක් තිබෙනවා. ඖෂධ මාෆියාවේ ප්‍රතිඵල අපට වරින්වර පෙනෙනවා. එන්නත් ගෙන ඒමේදී විවිධ බාධක කරදර ආවා. ඖෂධ මිලදී ගැනීමේදී විවිධ ප්‍රශ්න එනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා තමන්ගේ තනතුරෙන් ඉවත්වෙන බවට දැනුම් දීලා තිබෙනවා.

ලංකාවේ පමණක් නෙමෙයි ලෝකෙ පුරාම ඖෂධ මාෆියාවක් තිබෙනවා. ඒක පහළ මට්ටම දක්වාම ඇවිත් තිබෙන්නේ. බොහොම අමාරුවෙන් තමයි කරගෙන යන්නේ. මෙවැනි වසංගත කාලයකදී ඖෂධ පිළිබඳ වෛද්‍ය උපකරණ පිළිබඳ කාක්කො බලාගෙන ඉන්නවා. අපි ඒවට මුහුණ දී ගෙන ඇදගෙන යනවා. ‘ඒ30’ යනුවෙන් හඳුන්වන කෝවිඩ් ප්‍රභේදයක් පිළිබඳ මේ වනවිට ලෝකයේ අවධානය යොමු වෙලා තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර ලෝකයෙන් වාර්තා වුණ දෙයක්.
|
නමුත් අලුත් සොයා ගැනීමක් තිබෙනවා ෆයිසර් ඇස්ට්‍රෙසෙනිකා ඇතුළු එන්නත් සියල්ලකින් ඇති කරන ආරක්ෂාව කඩන්න පුළුවන් කියලා. ඒ පිළිබඳ යුරෝපීය සහ ඇමෙරිකානු රටවල අවධානය යොමු කරලා තිබෙනවා. මේ පිළිබඳ අපිත් අවධානයෙන් ඉන්නේ. එන්නත්කරණය කළා කියලා වැඩ කළොත් අපිත් අමාරුවේ වැටෙන්න පුළුවන්. සති කිහිපයකට පෙර තත්ත්වය සහ වත්මන් තත්ත්වය දිහා බැලුවාම කෝවිඩ් රෝගීන් සහ මියයන සංඛ්‍යාව යම් පාලනයක තිබෙනවා.

ඒ ගැන අපි සතුටු වෙනවා. කෝවිඩ් අමතක කරලා සම්පුර්ණයෙන්ම අවසන් කියලා වැඩ කරන්න ගියොත් තව සති හතරකින් විතර අපිට ආයෙත් දරුණු ව්‍යසනයක ප්‍රතිඵල භුක්ති විඳින්න සිදුවෙනවා. අපි කිව්වා මතකයි ජූලි මාසෙ දෙවෙනි සතියෙත් වැඩිය නටන්න එපා තව සති හතරක් වෙන කොට මේකෙ ප්‍රතිඵල එනවා කියලා. කිව්වා වගේම දවසට 200ක් මියයන තත්ත්වයට ආවා. දැන් එන්නත් ගැහුවට පස්සෙ හිතනවා දැන් ඕන නැටුමක් නටන්න පුළුවන් කියලා. අදටත් හැම වයස් කණ්ඩායමට සෑහෙන පිරිසක් ඉන්නවා එන්නත් නොගහපු අය. මේ පීරිස් ලෙඩ වෙන්න පුළුවන්” යනුවෙන් පැවසීය.

Exit mobile version