Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ් යළි නැගිටීම වැළැක්වීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනාධිපතිට නිර්දේශ 4ක්

කොවිඩ් යළි නැගිටීම වැළැක්වීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනාධිපතිට නිර්දේශ 4ක්

කොවිඩ් යළි නැගිටීම වැළැක්වීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනාධිපතිට නිර්දේශ 4ක්

කොවිඩ් රැල්ලක් යළි ඇතිවීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර පිළිබඳ නිර්දේශ හතරක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනු ලැබ ඇත. සංගමය එම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයාට යවා ඇති ලිපියක් මගිනි.

1. කෝවිඩ් පාලනය සඳහා හඳුන්වා දී ඇති නීති හා සීමා කිරීම් ඉතා හොඳ අධික්ෂණයක් යටතේ දැඩි ලෙස බලාත්මක කිරීම
2. ප්‍රමුඛතා කණ්ඩායම් සඳහා ෆයිසර් එන්නත්තේ තුන්වැනි මාත්‍රාව ලබාදීම
3. අධි ව්‍යාප්තවීම් තත්වයන් සහ සිදුවීම් සිමා කරමින් කටයුතු කිරීම
4. කොවිඩ් වැළඳී ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් නිරන්තර අවධානයක් පවත්වා ගැනීම
වෛද්‍ය සංගමය ඉදිරිපත් කර ඇති එම නිර්දේශ හතර වෙයි.

මේ අතර රටේ සංචරණ සීමා ඉවත් කිරීම සමග තවත් කොරෝනා රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට යවා ඇති එම ලිපියේ සඳහන් කර ඇත. තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා සෑම අවස්ථාවකටම වඩා මෙම අවස්ථාවේ දී නිශ්චිත පියවර ගනු ලැබීම ඉතා වැදගත් බවද සංගමය සඳහන් කරයි. මේ අතර පාසල් ළමයින් එන්නත්කරණ කටයුතු ඉතා සාර්ථකව සිදු කෙරෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කරන්නේ පාසල් දරුවන් තුන් ලක්ෂ හතළිස් දහසකට වැඩි පිරිසක් මේ වන විට එන්නත්කරණයට භාජන කර ඇති බවයි.

Exit mobile version