Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වයස 18ට අඩු තැනැත්තෙකුට මරණීය දණ්ඩනය ප්‍රකාශයට පත් කිරීම හෝ වාර්තා කිරීම නොකළ යුතු බවට පනතක්

මරණ දඬුවම ගැන ජනපතිගේ මතය නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

මරණ දඬුවම ගැන ජනපතිගේ මතය නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)පනත් කෙටුම්පතට සහ තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) (සංශෝධන) පනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය 26 වැනිදා සිය සහතිකය ලබා දී තිබෙනවා.

දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)පනත් කෙටුම්පත මගින්, යම් වරදක් සිදු කරනු ලබන අවස්ථාවේ වයස අවුරුදු 18ට අඩු යම් තැනැත්තෙකුට එරෙහිව මරණීය දණ්ඩනය ප්‍රකාශයට පත් කිරීම හෝ වාර්තා කිරීම නොකළ යුතු බවට සහ මරණීය දණ්ඩනයෙන් දඬුවම් කිරීම වෙනුවට ඔහු රඳවා තැබීමේ ආයතනයක රඳවා තැබීමට විධිවිධාන සැලසීම සිදු වන බවයි පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනය කළේ.

තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) (සංශෝධන) පනත් කෙටුම්පත මගින් “තරුණ තැනැත්තා” යන යෙදුම වයස අවුරුදු දහඅට සම්පූර්ණ වූ එහෙත්, වයස අවුරුදු විසිදෙක සම්පූර්ණ නොවූ තැනත්තෙකු වශයෙන් නැවත අර්ථ නිරූපණය කිරීම සිදුවනවා.

ස්ත්‍රී පුරුෂ මධ්‍යස්ථභාවය මත ආඥාපනතේ විධිවිධාන අදාළ කර ගැනීමද මෙම සංශෝධනයෙන් සිදු වන බව සඳහන්.

ඒනුව 2021 අංක 25 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත සහ 2021 අංක 24 දරන තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) (සංශෝධන) පනත පසුගිය 26 වැනිදා සිට බලාත්මකයි .

Exit mobile version