Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ඩයනා ගමගේ පක්ෂයෙන් නෙරපයි

සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ පක්ෂයෙන් නෙරපා ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට දැනුම්දුන් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා  පැවසී ය.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පක්ෂයෙන් නෙරපා ඇති බවට සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් වෙත දැනුම්දී ඇතැයි මන්ත්‍රිවරිය වෙත දන්වා යවා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මන්ත්‍රිවරයෙකු නියෝජනය කරන දේශපාලන පක්ෂයකින් නෙරපා හරිනු ලැබූ අවස්ථාවක ඒ බව පාර්ලිමේන්තුවට දැනුම්දුන් දින සිට මාසයක කාලයක් ඇතුළත අදාළ මන්ත්‍රිවරයාට ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා ඇත.

එසේ ලබාදී ඇති මාසයක කාලය තුළ අදාළ මන්ත්‍රීවරයා විසින් නීතිමය පියවර නොගතහොත් එම මන්ත්‍රිවරයා පක්ෂයෙන් නෙරපා ඇති බවත් එම මන්ත්‍රිවරයා ලබාදී ඇති මාසය තුළ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ඉදිරි කටයුතු සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම්දෙනු ඇත.

එසේ දැනුම්දීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව අදාළ පක්ෂයේ ලේකම්වරයාට එම පුරප්පාඩුව පිරවීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කරන ලෙස දැනුම්දෙනු ඇත.

මාව නෙරපුවොත් අධිකරණයට යනවා” – ඩයනා

මන්ත්‍රීවරයකු පක්ෂයෙන් නෙරපා හැරීමක් අදාළ පක්ෂය විසින් සිදුකළ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර තියෙනවා. ඒ අනුව, මම අධිකරණයට යනවා. අනිවාර්යයෙන් ම අධිකරණ ක්‍රියාමාර්ගයකට යනවා,” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ‘ඉරිදා මව්බිම’ට පැවැසුවා ය.

මාව පක්ෂයෙන් නෙරපාහැර ඇති බවට පාර්ලිමේන්තුවෙන් මට දැනුම්දුන් පසු මම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා,” යැයි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළා ය.

මාව පක්ෂයෙන් නෙරපුවහොත් කරන දේ මම පාර්ලිමේන්තුවේදී පැහැදිලිව කිව්වා,” යැයි ද මන්ත්‍රීවරිය පැවැසුවා ය.

Exit mobile version