Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) ජනතාව තමන්ව පාර්ලිමේන්තුවට යවල තියෙන්නේ අත ඔසවන සිග්නල් කණු වීමට නොවෙයි – සුසිල්ගෙන් ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්

ආණ්ඩුව තුළ පවතින අභ්‍යන්තර ගැටුමේ තවත් ස්වරූපයක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේ සිදුකළ ආවේගශීලී කතාව තුළින් දක්නට ලැබිණි.

නීති සම්පාදනය කිරීම සඳහා ස්ථාපිත කර ඇති පාර්ලිමේන්තුව තුළ එය සිදු නොකර වෙනත් කොහේ හෝ නීති සකස් කර ඒවා පාර්ලිමේන්තුවට ගෙනවිත් ඊට අත එසවීමට කියන්නේ නම් තමන් ඊට සූදානම් නොමැති බවයි ඒ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ.

මහජනතාව තමන්ව ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්කර ඇත්තේ ඕනෑම දෙයකට අත ඔසවන සිග්නල් කණු වීමට නොවන බවත් ඒ මහතා එහිදී තරයේ ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ පැවති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමිනි. එම වීඩියෝව පහතින්

Exit mobile version