Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආගමික ස්ථාන සම්බන්ධ නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාව – උපරිමය පුද්ගලයින් 50 කට අවසර

සියලුම ආගමික ස්ථානයන්හි වත්කම් හා දේපොළ සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට යයි

සියලුම ආගමික ස්ථානයන්හි වත්කම් හා දේපොළ සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට යයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන කොවිඩ් වසංගතය හමුවේ ආගමික සිද්ධස්ථාන කටයුතු කළ යුතු අයුරු දක්වමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
එහි කොන්දේසි මෙසේය:

– සියලුම ආගමික සිද්ධස්ථානවල බෞද්ධ ආගමිකයන්ට පොහෝය දිනයන් සහ බෝධි පූජා සඳහාත්, මුස්ලිම් සහ හින්දු භක්තිකයන්ට සිකුරාදා දිනයත්, කතෝලික බැතිමතුන්ට ඉරිදා දිනයත් උපරිමය පුද්ගලයින් 50 කට යටත්ව පූජාවන් සඳහා සහභාගිවීමට අවසර හිමිය. මේ තත්ත්වය පවත්වාගෙන යන්නට එම ස්ථාන භාරව හිමිවරු සහ පූජකවරුන් කටයුතු කළ යුතු අතර සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත භාවිත කිරීමට පහසුකම් තිබිය යුතුය.

– බැතිමතුන් අතර මිටරයක අවම දුරක් පවත්වාගෙන යෑම සිදුකළ යුතු අතර, පුජ්‍ය පක්ෂය මෙන්ම බැතිමතුන් පිරිසිදු මුව ආවරණයක් පැළද සිටීම අනිවාර්යයි.

– වැළඳ ගැනීම්, අතට අත දීම ඇතුළු ශරීර ස්පර්ශවන ආකාරයේ සියලුම ක්‍රියාවන් තහනම් කොට ඇත. මුව ආවරණ නොපැලද මුහුණු ආවරණ (Face Shield) පමණක් පැළද පැමිණෙන කිසිවෙකුට ආගමික ස්ථාන වලට ඇතුළුවීමට ඉඩ නොතැබිය යුතුය.

– ආගමික ස්ථානයට ඇතුළුවන සියලුම දෙනා අත් පිරිසිදු කර ගැනීම අනිවාර්ය වේ.

Exit mobile version